Sunday, July 2, 2023

බලු ෂෝගුන්

 

1646 ඉඳලා 1709 වෙනතුරු ජපානයේ පාලකයා වුනේ තොකුගාවා ත්සුනයෝෂි නම් ෂෝගුන් වරයා. ඔහුගේ අගනුවර වුනේ එදෝ (වර්තමාන තෝකියෝ) නගරය​.

ත්සුනයෝෂි ඉතා දැඩි ආගමික භක්තියක් තිබුන අයෙක්. බැතිමත් බෞද්ධයෙක් වුනු ඔහු රාජ්‍ය පාලනයේදී කොන්ෆියුසියස් ගේ අදහස් මත දැඩිව පදනම් වුනා. ඔහුගේ ආගමික ලැදියාව නිසා "නුසුදුසු" විනෝද මාර්ග ලෙස ඔහු දුටු බොහෝ දේවල් තහනම් කළා. විනෝදයට ලැදි එදෝ නගර වැසියන් අතර ෂෝගුන් වරයා ගැන තිබුනේ යහපත් හැඟීමක් නෙවෙයි.

ත්සුනයෝෂි 1690 දී එදෝ නගරයේ සිටි වීදි සුනඛයන් ආරක්‍ෂා කරන නීති මාලාවක් හඳුන්වා දුන්නා. මේ නීති වලට අනුව බල්ලන්ට හිංසා කිරීම තහනම් වුනු අතර​, වීදි සුනඛයන් නගරයෙන් පිට ඉඳිකළ විශාල "බලු නිවාස​" වල පදිංචි කෙරුනා. රජයේ බදු වියදමින් මේ සුනඛයන්ට කෑම ලබා දුන්නා. මෙය ලෝක ඉතිහාසයේ සත්ව අයිතීන් පිළිබඳව ගත් මුල්ම පියවරක් ලෙස සැලකෙනවා.

එදෝ නගර වැසියන් මේ ගැන ෂෝගුන් වරයාට උපහාර දැක්වුවේ කොහොමද​? ඔහුට "ඉනු කුබෝ" යන නාමය පටබැඳීමෙන්.

ඉනු කුබෝ කියන එකේ තේරුම "බලු ෂෝගුන්"

No comments:

Post a Comment