ක්‍රි.ව. 711 වෙද්දි උතුරු අප්‍රිකාව (වත්මන් මොරොක්කෝව සහ ඇල්ජීරියාව) අයිති වෙලා තිබුනේ උමයියා වාංශික ඉස්ලාමීය කලීෆාවරුන්ට. මොරොක්කෝවේ ආණ්ඩුකාරයා වුනේ මූසා ඉබ්න් නුසායිර්.
වත්මන් ස්පාඤ්ඤයෙන් වැඩි ප්‍රමානයක් අයිති වෙලා තිබුනේ විසිගොත් රාජධාණියකට. එහි රජතුමා වුනේ රොඩ්‍රික්.
ස්පාඤ්ඤය සහ මොරොක්කෝව වෙන් වුනේ කිලෝමීටර් 14 ක් පළල ඉතාම පටු සමුද්‍ර සන්ධියකින්. මේ සමුද්‍ර සන්ධියෙන් ස්පාඤ්ඤය පැත්ත දිග තුඩුවකින් සමන්විත වුනා. මේ තුඩුවේ උස් කඳුගැටයක් තිබුනා. ඒ නිසා මේ සමුද්‍ර සන්ධිය තරණය කිරීම ඉතාම අපහසු කටයුත්තක්.
ක්‍රි.ව. 711 දී මේ සමුද්‍ර සන්ධිය ආසන්නයේ සිටි විසිගොත් ජාතික වංශවතෙක් වුනු ජුලියන් රොඩ්‍රික් රජතුමා සමඟ ආරවුලක් ඇති කරගත්තා. ඒ රජතුමා ඔහුගේ දියණිය දූෂනය කිරීම නිසා. ජුලියන් රජුගෙන් පළි ගන්න හිතාගෙන මොරොක්කෝවේ මුස්ලිමුන්ට සමුද්‍ර සන්ධිය තරණය කරන්න සහය දෙන්න කැමැත්ත පළ කලා.
ඒ වෙද්දි මුස්ලිමුන්ට විශාල හමුදාවක් හිටියේ නෑ. ඒත් අවස්ථාව අපතේ යවන්න අකැමැති වුනු මූසා ඉබ්න් නුසායිර් හනිකට 7000 ක හමුදාවක් පිළියෙල කරා. ඒ හමුදාව වැඩි වශයෙන් සමන්විත වුනේ ස්වදේශික බර් බර් ජාතිකයන් ගෙන්. හමුදාවේ අණදෙන නිලධාරියා විදිහට පත් කෙරුනේ 19 හැවිරිදි තරුණයෙක්. ඒ තාරික් ඉබ්න් සියාද්.
තාරික් ජුලියන් ගේ උදව්වෙන් සමුද්‍ර සන්ධිය තරණය කරලා ස්පාඤ්ඤයට ගොඩ බැස්සා. ආක්‍රමනික හමුදාවක් ආ බව දැනගත් රොඩ්‍රික් රජතුමා 30,000 ක පමණ විශාල හමුදාවක් රැගෙන ඔවුන් හමුවට ආවා. ඒත් 19 හැවිරිදි තාරික් විසිගොත් හමුදාවට දරුණු පරාජයක් අත් කර දුන්නා. රොඩ්‍රික් රජතුමා සටනින් මියගියා.
තාරික් තම හමුදාව උතුරට මෙහෙයවමින් ස්පාඤ්ඤය නගර එකින් එක අල්ලා ගත්තා. 712 දී මූසා ඉබ්න් නුසායිර් 12,000 ක තවත් හමුදාවක් රැගෙන ස්පාඤ්ඤයට ගොඩබැස්සා. උමයියා හමුදාවන් අවුරුදු තුනක් ඇතුලත ස්පාඤ්ඤයෙන් විශාල ප්‍රදේශයක් අල්ලාගෙන එය නව ප්‍රාන්තයක් විදිහට ඉස්ලාමීය රාජ්‍යයට එක් කළා. එය හැඳින්වුනේ "අල්-අන්දලූස්" නමින්.
ඉස්ලාම්, ක්‍රිස්තියානි, යුදෙව් ආගම් තුනම එක විදිහට අල්-අන්දලූස් ප්‍රාන්තයේ තිබුනු අතර, ඒ සංස්කෘතීන් තුනේම සංකලනයෙන් අපූරු සංස්කෘතියක් බිහිවුනා. කෙටි කලකින්ම අල්-අන්දලූස් මුළු මහත් ඉස්ලාමීය ලෝකයේම ධනවත් බව සහ දැණුම ගවේෂනය අතින් ඉදිරියෙන්ම තිබුනු ප්‍රදේශයක් බවට පත් වුනා. 15 වන සියවසේදී ක්‍රිස්තියානි ස්පාඤ්ඤය වරු නැවත අල්ලා ගන්නා තුරු අල්-අන්දලූස් පැවතුනේ ඉස්ලාමීය පාලනයක් යටතේ.
අර සමුද්‍ර සන්ධියේ පිහිටා තිබුනු කඳුගැටය මුස්ලිමුන් නම් කළේ 19 හැවිරිදි තරුණ හමුදා සෙනවියාගේ නමින්. ඒ "තාරික් ගේ කන්ද " යන අරුත ඇති "ජබල් තාරික්" නමින්.
අද එය හැඳින්වෙන්නේ "ජිබ්‍රෝල්ටාර්" විදිහට.
No comments:
Post a Comment